32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරහසඟේ පන්දුවක් වැදී පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

රහසඟේ පන්දුවක් වැදී පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේහිදී ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි 11 හැවිරිදි පිරිමි ළමයෙකුගේ ලිංගේන්ද්‍රයේ පන්දුවක් වැදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

තම යහළුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදීයි දරුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ.

ශෞර්යා නම් මෙම පන්දු යවමින් සිට ඇති අතර එහිදී පිතිකරුවෙක් එල්ල කළ පන්දුව මෙම දරුවාගේ ලිංගේන්ද්‍රයේ වැදී තිබෙනවා.

පන්දුව වැදීම නිසා ශෞර්යා එම ස්ථානයේදීම සිහිසුන්ව ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සංසරණය වනවා.

අනතුරෙන් පසු දරුවා වහාම අසළ පිහිටි පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු පවසා ඇත්තේ ඔහු ඒ වන විටත් මියගොස් ඇති බවයි.