28.5 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsගංජා තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

ගංජා තොගයක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා තොගයක් සමඟ තාන්ඩිකුලම ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තියේ මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය පුලියන්කුලම කඳවුරේ නිලධාරීන් විසින් වව්නියාව පොලිස් වසමේ තාන්ඩිකුලම, ඒ 09 මාර්ගය, ONMART යුධ හමුදා ආපනශාලාව අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී ජාවාරම් කිරීම සඳහා යතුරු පැදියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 124 ක් සොයාගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් පුද්ගලයෙකි. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු වව්නියාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.