― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබණ්ඩාරවෙල බස් රථ වර්ජනයක්

බණ්ඩාරවෙල බස් රථ වර්ජනයක්

අද (08) පෙරවරුවේ සිට බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේදී ලංගම බස් රථ රියදුරෙකුට සහ කොන්දොස්තරවරයෙකුට පුද්ගලික බස් රථ රියදුරෙක් විසින් සිදුකළ පහරදීමකට විරෝධය පළකරමිනුයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

එම ලංගම ඩිපෝව මඟින් ධාවනය කරන බස් රථ සියල්ල මේ වනවිට බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම්පොළ පුරා ගාල්කර ඇති අතර බස් නැවතුම්පොළට පුද්ගලික බස් රථ ඇතුළු කිරීමට ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් ඉඩ ලබානොදෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පහර කෑමට ලක්වූ ලංගම බස් රථ රියදුරා සහ කොන්දොස්තරවරයා මේ වනවිට බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබනවා.