― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsහෝටල් සේවකයා නාන තටාකයට බිලිවෙයි

හෝටල් සේවකයා නාන තටාකයට බිලිවෙයි

රඹුක්කන ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයට වැටී ඊයේ (07) පස්වරුවේ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක නාන තටාකයකට වැටී මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේම සේවය කරන සේවකයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලට යොමුකර තිබෙනවා.