― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඔලිම්පික් උළෙලේ දුර්ලභ අවස්ථාවක් ලැබුණු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් උළෙලේ දුර්ලභ අවස්ථාවක් ලැබුණු ශ්‍රී ලාංකිකයා

මෙවර ප්‍රංශයේ පැරිස් අගනුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව දැල්වීමට ශ්‍රී ලාංකිකයෙක්ට අවස්ථාවක් ලැබී තිබෙනවා.

පසුගිය වසරේ පැරීසියේ හොඳම පාන් නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබූ දර්ශන් සෙල්වරාජාටයි මෙම දුර්ලභ අවස්ථාව හිමිව ඇත්තේ.

මොහු පසුගිය වසරේ පැරීසියේ හොඳම පාන් නිෂ්පාදකයා ලෙස සම්මාන ලැබූ අතර ඒ හේතුවෙන් ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිවස වූ එලිසී මාලිගයට වසරක් පුරා පාන් ලබාදීමේ ටෙන්ඩරයද ඔහු වෙත පිරිනැමුවා.

යාපනයේ සිට පැමිණි දර්ශන් සෙල්වරාජා පසුගිය වසරේ ප්‍රංශයේ පැරිස් නුවරදී හොඳම පාන් සාදන්නාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.