― political ―

රට ගොඩනැගීමට දූෂණ විරෝධී යාන්ත්‍රණයක් අවශ්‍යයි

රට ගොඩනැගීමට නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ...
HomeHot Newsකොලින් මුන්රෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

කොලින් මුන්රෝ ජාත්‍යන්තර පිටියට සමුදෙයි

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක කොලින් මුන්රෝ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් නම්කළ නවසීලන්ත සංචිතයේ ඉඩක් හිමි නොවීමත් සමඟ ඔහු නිල වශයෙන් මේ බව දැනුම් දුන්නා.

මුන්රෝ 2020 වසරේ සිට ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් නවසීලන්ත කණ්ඩායම නියෝජනය කර නොමැති වීම විශේෂත්වයක්.

කෙසේනමුත් මුන්රෝ නවසීලන්තය වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 57ක් සහ විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩා කර තිබෙනවා.