25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහුන්ගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

අහුන්ගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරුපැදිය හමුවෙයි

පසුගියදා (08) අහුන්ගල්ල, ලෝකන්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදිය සොයාගෙන තිබෙනවා.

පොලීසිය පවසන්නේ කොස්ගොඩ පොලිස් වසමේ බාන්වැල්දූව, සුදුවැලිපොත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක තිබියදී මෙම යතුරුපැදිය සොයාගත් බවයි.

අද උදෑසන තම ඉඩමේ කුරුඳු කැපීමට ගිය හිමිකරු පිළිස්සී ගිය යතුරුපැදිය දැක කොස්ගොඩ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරුවේ එම යතුරුපැදිය සොයාගන්නා අවස්ථාවේදී ඊට ගිනි තබා තිබූ බවයි කොස්ගොඩ පොලිසිය පැවසුවේ.

පොලිසිය සැක පළ කරන්නේ පසුගියදා අහුන්ගල්ලේ සිදු වූ අපරාධය සඳහා වෙඩික්කරුවන් විසින් මෙම යතුරුපැදිය යොදාගන්නට ඇති බවයි.