― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසම්මුඛ පරීක්ෂණයට ආ තරුණියට ලොක්කා අමුතු පාඩමක් උගන්වලා

සම්මුඛ පරීක්ෂණයට ආ තරුණියට ලොක්කා අමුතු පාඩමක් උගන්වලා

කෝටිපති ව්‍යාපාරිකයකු විසින් කොළඹදී සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි විවාහක තරුණියක් ලිංගික අපයෝජනයට ලක් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන බලධාරීන්ට ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා දුරකථන සමාගම්වලට නියෝග කර තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයා විසින් වට්ස්ඇප් හරහා මෙම තරුණියව හඳුනාගෙන ඇති අතර ඒ අනුවයි ඇයට සම්මුඛ පරීක්ෂණයකට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ.

ඒ අනුව තරුණිය සිය සැමියා සමඟ කොල්ලුපිටිය ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවසකට ගොස් තිබෙනවා.

තරුණිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ මෙම ව්‍යාපාරිකයා විසින් තම සැමියා පහත මාලයේ නවතා තමාව පමණක් උඩුමහලට රැගෙන ගිය බවත් එම අවස්ථාවේදී ව්‍යාපාරිකයා තමාට අතවර කළ බවත්ය.