27.2 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට මත්පැන් පරිභෝජනය පහළට

මෙරට මත්පැන් පරිභෝජනය පහළට

පසුගිය වසරට සාපේක්‍ෂව මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදීඉ මත්පැන් භාවිතයේ අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය විසින් රටපුරා සිදුකළ අධ්‍යයනයකදීයි මෙම කරුණ අනාවරණය වී ඇත්තේ.

අධ්‍යයනය සඳහා රට පුරා පුද්ගලයින් 415 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇති අතර ඊට කාන්තාවන් 192 දෙනෙකු ඇතුළත්.

මෙම අධ්‍යනයෙන් ලබාගත් තොරතුරුවලට අනුව සියයට 64.4ක ජනතාව මෙවර අවුරුදු උත්සවයේදී මත්පැන් භාවිතය අඩු කර තිබෙනවා.

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයට අනුව සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් සියයට 71.5ක්ම පවසා ඇත්තේ මධ්‍යසාර මිල ඉහළ යාම හේතුවෙන් මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ මත්පැන් පරිභෝජනය අඩුවී ඇති බවයි.