― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපුතාගේ පෙම්වතියට කැත වැඩක් කළ මවට සිර දඬුවම්

පුතාගේ පෙම්වතියට කැත වැඩක් කළ මවට සිර දඬුවම්

තරුණියකට පහර දී ඇයගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇයගේ දෙමව්පියන් වෙත පෙන්වූ බව කියන කාන්තාවකට වරද පිළිගැනීමෙන් පසු අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අද (13) නියෝග කළා.

ඒ අනුව වසර 10කට අත්හිටවූ මාස 23ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසයි විත්තිකාරියට අධිකරණය නියෝග කර ඇත්තේ.

විත්තිකාර කාන්තාවගේ පුත්‍රයා සහ ඔහුගේ පෙම්වතිය බව කියන තරුණියක් නිවසේ කාමරයක් තුළ ලිංගිකව එකතුවෙමින් සිටි අවස්ථාවක එම කාමරයට කඩා වැදී විත්තිකාරිය තරුණියට පහර දී ඇති බවයි අධිකරණයේ දී අනාවරණය වී ඇත්තේ.

එහිදී අදාළ කාන්තාව විසින් තම පුත්‍රයා එම ස්ථානයෙන් ඉවත්කර තරුණියගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා තරුණියගේ දෙමව්පියන් වෙත පෙන්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියේ කම්පනයට පත්ව ඇති තරුණිය දැඩිලෙස මානසික පීඩනයකට ලක්ව රෝගී වී ඇති බවට අනාවරණය තිබෙනවා. ඒ, සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් සැකකාර කාන්තාවට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ චෝදනා තුනක් යටතේ නඩුවක් ගොනුකර තිබෙනවා.

01.අයුතු ලෙස සිරකර තබා ගැනීම, 02.අයුතු ලෙස ඡායාරූප ලබාගැනීම සහ එය නිර්මාණය කර වෙනත් අයට පෙන්වීම, 03.පහර දී තුවාල සිදුකිරීම යන චෝදනා සැකකාරියට එරෙහිව එල්ල වූ චෝදනා වනවා.

මෙම චෝදනාවලට කුරුණෑගල අධිකරණය ඉදිරියේ වරද පිළිගත් විත්තිකාර කාන්තාවට ඉහත දඬුවම් සහ වන්දි මුදල් නියම කිරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ.

ඊට අමතරව පළමු සහ දෙවන චෝදනාවලට රුපියල් දහස බැගින් ද, තුන්වන චෝදනාවට රුපියල් 1500ක ද දඩ මුදලක් ද නියම කිරීමට අධිකරණ කටයුතු කර තිබෙනවා.

මේ අතර කාන්තාවක් ලෙස සිදුනොකළ යුතු දෙයක් විත්තිකාරිය විසින් සිදු කළ ඇති බවත්, වෙනත් කෙනෙකුට මෙවැනි දෙයක් සිදුනොවන ලෙස සමාජයට ආදර්ශයක්වන ආකාරයෙන් ජීවිත්වන ලෙසත්, මෙම දඬුවම් නියම කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා තරයේ අවවාද කර තිබෙනවා.