25 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැමියාව මරා වැවට දැමූ බිරිඳ අත්අඩංගුවට

සැමියාව මරා වැවට දැමූ බිරිඳ අත්අඩංගුවට

තම සැමියා ඝාතනය කර වැවට දැමූ බව කියන බිරිඳක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරිබාව පොලීසිය පැවසුවේ මෙම බිරිඳ වීසින් නිවසේ නිදා සිටි තම සැමියා ඝාතනය කර සිරුර කරේ තබාගෙන ගොස් ගිරිබාව වැවට විසි කර ඇති බවයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ උදය කුමාර නමැති තිස් දෙහැවිරිදි දෙදරු පියෙක් බවයි පොලීසිය පවසන්නේ. මොහු ඉහළ ගිරිබාව, හතර කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැමියාගේ ඝාතනයට සැක පිට 33 හැවිරිදි විවාහක බිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.