― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsයාපනයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

යාපනයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වටලයි

යාපනයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ රසායනාගාරයක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ සුන්නාගම් පොලිස් වසමට අයත් ඉනුවිල් ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන කම්හලක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

යාපනය දිස්ත්‍රික් පොලිස් අපරාධ නිවාරණ ඒකකයට ලැබුණු රහසිගත තොරතුරක් මත ඔවුන් විසින් පසුගියදා (12) මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගත් ද්‍රව්‍ය ද සොයාගත් බවයි පොලීසිය පවසන්නේ. නිවස වැටලූ පොලීසිය නිවසට සීල් තබා ඇති අතර කොළඹින් රසායනික විශ්ලේෂකයින් ගෙන්වා විශ්ලේෂණ කටයුතු සිදුකිරීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම යාපනය දිස්ත්‍රික් පොලිස් අපරාධ ඒකකය භාරයට ගෙන තිබෙනවා.

කෙසේනමුත් ප්‍රධාන සැකකරු පළා ගොස් ඇති අතර එහි සේවය කළ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.