― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsවැඩි කළ වතු වැටුප ගැන ජීවන්ගෙන් ප්‍රකාශයක්

වැඩි කළ වතු වැටුප ගැන ජීවන්ගෙන් ප්‍රකාශයක්

වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට සූදානම් බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසනවා.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය සමයේ පැවති දරුණු ආර්ථික අර්බුදයට රටේ සියලුම ජනතාව මුහුණ දුන්නා. එහිදී වඩාත් පීඩාවට පත්වූ ජන කොටසක් ලෙස වතු කම්කරු ජනතාව හඳුන්වා දෙන්න පුළුවන්. ඔවුන් කාලයක් තිස්සේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිනවා. එහිදී වැටුප් ප්‍රශ්නය මූලිකයි.

කාලයක් තිස්සේ සාකච්ඡා කළත් වතු කම්කරු ජනතාවගේ වැටුප් ප්‍රශ්නයට විසඳුමක් ලැබුනේ නැහැ. ඒ නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජය වතු කම්කරු ජනතාව සඳහා රුපියල් 1700ක දෛනික වැටුපක් ගැසට් කළා. දැන් එම ගැසට් නිවේදනයට අනුව වතු සමාගම් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

වතු කම්කරු ප්‍රජාවගේ වැටුප් වැඩිකිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට එරෙහිව වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් ඒ සඳහා මුහුණ දීමට අප සූදානම්.