30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාමසේවක වැඩ වර්ජනයෙන් ජනතාවට පීඩා

ග්‍රාමසේවක වැඩ වර්ජනයෙන් ජනතාවට පීඩා

නෝර්වුඩ් සහ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ සියලුම ග්‍රාමසේවා නිලධාරින් අද, හෙට සහ අනිද්දා (14,15,16) යන තෙදින අසනීප නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙනවා.

මේ හේතුවෙන් එම ග්‍රාමසේවා නිලධාරි කාර්යාල වසා දමා ඉබි යතුරුද දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පනාපිටිය දකුණ ග්‍රාමසේවා වසමේ ග්‍රාමසේවා නිලධාරිනියට සහල් ලබා නොදුන්නේ යැයි කියන සිද්ධියක් පදනම් කර ගනිමින් එම වසමේ පදිංචි කාන්තාවක් විසින් පහර දුන් සිද්ධියක් පදනම් කර ගනිමින් එයට විරෝධය පා ඔවුන් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වනවා.