― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදුමින්ද ඉල්ලූ වාරණ නියෝගය සලකා බැලීමට තීරණයක්

දුමින්ද ඉල්ලූ වාරණ නියෝගය සලකා බැලීමට තීරණයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ පත්කිරීම බල ශූන්‍ය බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක විසින් ගොනුකර ඇති නඩුව පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබාදුන්නා.

මීට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් දැනටමත් නිකුත් කර ඇති නිසා මෙම නඩුකරය පවත්වාගෙන යාමට නොහැකි බවට විජයදාස රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඊයේ විරෝධතා මතුකර තිබුණා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙන්වා දී තිබුණේ කඩුවෙල දිසා අධිකරණයේ නියෝගය මෙම අධිකරණයට බල නොපාන බවයි.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන කඩුවෙල දිසා අධිකරණයේ නියෝගවලට අගති රහිතව මෙම නඩුවේ පැමිණිලිකරු විසින් ඉල්ලා සිටින වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට තීරණය කරන බව තීරණය කළා.

ඒ අනුව අදාළ වාරණ නියෝග සම්බන්ධයෙන් කරුණු දැක්වීම් අද දහවල් 1.00 සිදු කිරීමට නියමිතයි.