― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි

සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි

සිංගප්පූරුවේ අගමැති ලී සියෙන් ලූන්ග් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලී සියෙන් ලූන්ග් දීර්ඝ කාලයක් පුරා එරට අගමැති ධුරයේ කටයුතු කළ අතර ඔහුගේ මෙම තීරණයත් සමඟ එරට දේශපාලන යුගයක අවසානය සනිටුහන් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

වසර 20ක පාලන බලයෙන් පසු, ලී සියෙන් ලූන්ග්, අද (15) රාත්‍රියේ නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍ය ලෝරන්ස් වොන්ග් වෙත නිල වශයෙන් පාලන බලය භාරදීමට නියමිතයි.

1984 දී පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස දේශපාලනයට සම්බන්ධ වූ ලී සියෙන් ලූන්ග් 2004 දී සිංගප්පූරුවේ නායකත්වය ගැනීමට පෙර සිංගප්පූරුවේ දෙවන අග්‍රාමාත්‍ය ගොහ් චොක් ටොං යටතේ ඉහළ නිලතල දැරුවා.