― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅලුත උපන් බිළිඳා රෝහලේ දමා ගිය දැරිය අත්අඩංගුවට

අලුත උපන් බිළිඳා රෝහලේ දමා ගිය දැරිය අත්අඩංගුවට

දරු ප්‍රසූතියෙන් පසු යාපනය ශික්ෂණ රෝහලේදී දරුවා දමා ගිය 15 හැවිරිදි පාසල් සිසුවියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එමෙන්ම සිසුවිය දූෂණය කර ගැබිණියක් කිරීමේ චෝදනාව මත 25 හැවිරිදි තරුණයෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේදී දරු ප්‍රසූතිය සඳහා 15 හැවිරිදි පාසල් සිසුවියක් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇති අතර දැරියගේ සහයට ඇයගේ මවද ඇය අසළ රැඳී සිට තිබෙනවා.

කෙසේනමුත් දරුවා ප්‍රසූත කළ දිනට පසු දින දැරිය සහ ඇගේ මව දරුවා රෝහලේ දමා එතැනින් පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් කළමනාකාරීත්වය යාපනය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබුණා.

පැමිණිල්ලට අනුව පොලිසිය පරීක්‍ෂණ පවත්වා දැරිය නෙල්ලිඅඩි පොලිස් වසමට අයත් ප්‍රදේශයට අයත් බව සොයාගෙන මේ සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලිසියට දැනුම් දී තිබෙනවා.

නෙල්ලිඅඩි පොලිසිය සිදුකළ විමර්ශන මත දරුවා ප්‍රසූත කළ සිසුවිය සහ ඇයගේ මව හඳුනාගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා.

විමර්ශන මත සිසුවිය දූෂණය කර ගැබ් ගැනීම සම්බන්ධයෙන් මල්ලාවි ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයා සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.