― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඩයනාගෙන් CID ය පැය 05ක් ප්‍රශ්න කරයි

ඩයනාගෙන් CID ය පැය 05ක් ප්‍රශ්න කරයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරියක වූ ඩයනා ගමගේගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 05ක කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

හිටපු අමාත්‍යවරිය පෙරේදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස ප්‍රශ්න කිරීම් සිදුකර ප්‍රකාශ සටහන් කරගෙන බවයි වාර්තා වන්නේ.

එහිදී ඇය විසින් භාවිතා කරනු ලබන විදෙස් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බව සඳහන්.

මේ අතර ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමතිවරියට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ (16) දිනයේදී නීතිපතිවරයා මුණගැසී ඇති බව ද වාර්තා වනවා.