27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙංගාල බොක්ක කැලඹෙයි - වැසි වැඩිවෙයි

බෙංගාල බොක්ක කැලඹෙයි – වැසි වැඩිවෙයි

දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් ගිනිකොණදිග අරාබි මුහුදු ප්‍රදේශවලත් තද සුළං සමඟ තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රවේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ නාවික සහ ධීවර ප්‍රජාවන්ට ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙසයි.

බෙංගාල බොක්කට අවට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොන සහ නැගෙනහිර දිශාවෙන් කැළඹිලි ස්වභාවයක් මේ වනවිට ඇති වී තිබෙන බැවින් ඉදිරි දින කිහිපය තුළත් වැසි පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක පැවසුවේ.

ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 100-150ක වර්ෂාපතනයන් ඇති විය හැකි අතර නායයෑම්, ගං වතුර වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.