29.5 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන ජනපතිගේ මරණය අසා මහින්ද කම්පා වෙයි

ඉරාන ජනපතිගේ මරණය අසා මහින්ද කම්පා වෙයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් මහින්ද රාජපක්ෂ මේ බස සඳහන් කළා.

එමෙන්ම ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අභාවය ගැන දැන ගැනීමට මහින්ද රාජපක්ෂ අද (20) ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට ගියේය.

එහිදී ඉරාන තානාපති Khalanidi Alireza Delgosh හමුවී සිය ශෝකය ප්‍රකාශ කරමින් ශෝක පොතේ සටහනක් ද තැබීය.

මහින්ද රාජපක්ෂ සිය X ගිණුමේ දක්වා ඇත්තේ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ ඔහු සමඟ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු හෙලිකොප්ටර් අනතුරකින් මියයාම පිළිබඳ පුවත ඇසීමෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවයි.

එමෙන්ම ඉරාන ජනාධිපති රයිසි ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බවත් ඉරාන ජනතාව වෙනුවෙන් ඔහුගේ නායකත්වය සහ කැපවීම සැමදා සිහිපත් වන බවයි මහින්ද රාජපක්ෂ සිය පණිවුඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ.