29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනපති රනිල් ඉරාන ජනපතිට ශෝකය පළ කරයි

ජනපති රනිල් ඉරාන ජනපතිට ශෝකය පළ කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහිගේ හදිසි අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙනවා.

සිය නිල එක්ස් ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මෙම ඛේදනීය මරණය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කම්පනයට සහ ශෝකයට පත් වී ඇති බවයි.

මේ වනවිට ශෝකයට පත්ව සිටින පවුල්වලට, ඉරාන රජයට සහ ඉරාන ජනතාවට තම බලවත් සංවේගය සහ අවංක ශෝකය ප්‍රකාශ කරන බව ජනාධිපතිවරයා එමගින් දක්වා තිබෙනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඊයේ (19) සිදු වූ දරුණු හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරනු ලැබුවා.