30 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුන්ට අයිස් වික්ක තරුණයෙක් අත්අඩංගුවට

සිසුන්ට අයිස් වික්ක තරුණයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් සිසුන්ට අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ පෙරිය නිලාවනී පොලිස් වසමට අයත් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස ගමන් කරමින් සිටි සැකකරුවෙකු පිළිබඳව ලද තොරතුරක් මත පෙරිය නිලාවනී පොලිසිය පසුගියදා (18) වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 360 ග්‍රෑම් 2ක් සොයාගත් බවයි පොලීසිය පවසන්නේ.

ඔහු අධිකරණයට ඉදිරිපත් කර නීතිමය පියවර ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.