29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩිලන්ත ඉතාලියේදී ලක්මව බබලවයි

ඩිලන්ත ඉතාලියේදී ලක්මව බබලවයි

ඉතාලියේ මිසානෝ (Misano) ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවති යුරෝපියානු තරගාවලියේ ඇමරිකානු ජාතික GT4 ඒ.කැන්ටු සමඟ යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

මෙහි දෙවෙනි තරගයට සහභාගි වූ ඩිලන්තගේ මෝටර් රථය අනතුරකට ලක්වීම නිසා විනාඩි 15 කට තරගයෙන් ඉවත්ව සිටීමට සිදුවුණද යළි තරගයට එක්ව තරගය අවසන් කිරීමට ඩිලන්ත හා සහායක රියදුරුට හැකි විය.

මෙම යුරෝපියානු GT4 මෝටර් රථ තරගාවලියට සහභාගි වන එකම ආසියානු ධාවකයා ඩිලන්ත මාලගමුව වීම විශේෂත්වයකි.

මෙම තරගාවලියේ මීළඟ තරගය ජූනි 28 වැනිදා ස්පාහිදී පැවැත්වෙන අතර මර්සිඩීස් ASG GT4 වර්ගයේ මෝටර් රථයකින් ඩිලන්ත මාලගමුව වදින්නු ඇති.