26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිජේදාසගේ පෙත්සම කල් යයි

විජේදාසගේ පෙත්සම කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත්කිරීම නීති විරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පැමිණිල්ලක් නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි තුන්වන දිනටත් විභාගයට ගනු ලැබුවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් එම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම ගිහාන් කුලතුංග සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබුවා.

එහිදී වග උත්තරකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළා.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු දැක්වීම ලබන 31 වැනිදා තෙක් කල් තැබුණා.