29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේදී ඇල්ලූ ISIS සාමාජිකයින් ගැන අනාවරණයක්

ඉන්දියාවේදී ඇල්ලූ ISIS සාමාජිකයින් ගැන අනාවරණයක්

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් සහ ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිවුදෙනා ඉන්දියාවේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටි බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

මෙම සිව්දෙනා ශ්‍රී ලංකාවේ ජීවත් වූ ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර ඉන් දෙදෙනෙකු කොළඹ ප්‍රදේශයේ ජීවත් වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු ඊයේ (20) ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේදී ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.