― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදුම්රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී තිදෙනෙක් ජීවිතක්ෂයට

ගාල්ල, බූස්ස, පින්තලිය හන්දියේදී දුම්රියේ ගැටීමෙන් යතුරුපැදියක ගමන් ගත් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමට අයත් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 18, 19, 19 හැවිරිදි තරුණයින් තිදෙනෙක් බවයි.

බූස්ස, පින්තලිය හන්දියේ ආරක්ෂක හරස් මාර්ගයේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙම තරුණයින් තිදෙනා ඊයේ (23) පස්වරුවේ දන්සල්වලට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.