― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentමෝටර් රථයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

මෝටර් රථයක් පෙරළී දරුවෙක් ජීවිතක්ෂයට

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ, ඊච්චලම්පත්තු පොලිස් වසමේ සිදු වූ රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (23) අලුයම ඊච්චලම්පත්තු පොලිස් වසමේදී මෝටර් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම මෝටර් රථය ඊච්චලම්පත්තු පොලිස් වසමේ, ත්‍රිකුණාමලය මඩකලපුව මාර්ගයේ සේරුනුවර දෙස සිට චෙරුගල් දෙසට ධාවනය කර ඇති අතර රියදුරුට නින්ද යාම නිසා මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චලම්පත්තු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.