― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවයස අවුරුදු 10ට අඩු දරුවන් ගැන අනාවරණයක්

වයස අවුරුදු 10ට අඩු දරුවන් ගැන අනාවරණයක්

මෙරට වයස අවුරුදු 10ට අඩු දරුවන්ගෙන් සියයට 60ක් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

දකුණු පළාතේ පාසල් සිසුන් 400ක් පිළිබඳව වෛද්‍යවරුන් පිරිසක් සිදු කළ අධ්‍යනයකදී මේ බව අනාවරණය වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය අමිල චන්ද්‍රසිරි පැවසුවේ.

මේ හේතුවෙන් බොහෝ දරුවන් රාත්‍රියේදී නොසන්සුන්තාවයෙන් හා කනස්සල්ලෙන් සිටින බවත් තම අධ්‍යයන කටයුතු නිසියාකාරව සිදු නොකරන බවත් එමගින් අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් දියවැඩියාවෙන් පෙළෙන බවත් හඳුනාගෙන ඇත.

ඔවුන්ගේ ශරීරය නිසි ලෙස ක්‍රියා නොකිරීම නිසා දියවැඩියාව ඇති වන බවයි වෛද්‍යවරයා පැවසුවේ.

එමෙන්ම ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන අතර මෙම තත්ත්වය පාලනය කර ගැනීමට දෙමාපියන්ට නොහැකි බවත් අත්‍යවශ්‍ය නම් පමණක් දිනකට පැයකට අඩු කාලයක් තම දරුවන්ට ජංගම දුරකථන භාවිත කිරීමට ඉඩ දෙන ලෙස වෛද්‍යවරු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.