― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsප්‍රංශ තානාපතිගේ මළ සිරුර නිල නිවසෙන් හමුවෙයි

ප්‍රංශ තානාපතිගේ මළ සිරුර නිල නිවසෙන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆ්රැන්කොයිස් පැක්ටේට් රාජගිරියේ පිහිටි සිය නිල නිවසේ මියගොස් සිටියදී ඊයේ (26) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.

වැලිකඩ පොලීසිය පැවසුවේ 53 හැවිරිදි වියේ පසු වූ තානාපතිවරයා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවයි.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් වන ස්ථානීය මරණ පරීක්ෂණය ඊයේ (26) රාත්‍රියේ සිදුකර ඇති අතර තානාපතිවරයාගේ අභාවය පිළිබඳව අවසන් තීරණයක් මේ දක්වාත් ගෙන නොමැති බවයි ප්‍රංශ තානාපති කාර්යාලය පැවසුවේ.