― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsශිෂ්‍යත්වයට අයදුම්පත් භාර ගැනීම අද සිට

ශිෂ්‍යත්වයට අයදුම්පත් භාර ගැනීම අද සිට

ශිෂ්‍යත්ව විභාගයට අදාළ අයදුම්පත්‍ර භාර ගැනීම අද (27) සිට ආරම්භ වනවා.

ඒ අනුව අද සිට ජුනි මස 14 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම අයදුම්පත්‍ර භාරගැනීම සිදුකරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

මධ්‍යම රාත්‍රී 12.00න් පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් කරන බවත් කිසිදු හේතුවක් මත අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවත් කොමසාරිස්වරයා අවධාරණය කළා.

onlineexams.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අයදුම්පත්‍ර ඉදිරිපත් යොමු කිරීමට හැකියාව පවතිනවා.

මේ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංක 1911 හෝ 0112 784537, 0112 786616‍, 0112 784208 යන දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

2024 වසරට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර තිබෙනවා.