― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsහරක් කටාට එරෙහි නඩුවක් කල් යයි

හරක් කටාට එරෙහි නඩුවක් කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුනි මස 6 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (27) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර හරක් කටා දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය නඩුව නැවත ජුනි මස 6 වැනිදා කැඳවන ලෙස නියම කළා.