28.9 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැපුවා නිව්ගිනියාවේ බිහිසුණු නායයෑමක්

පැපුවා නිව්ගිනියාවේ බිහිසුණු නායයෑමක්

නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් පැපුවා නිව්ගිනියාවේ ගම්මානයක් පසුගිය සිකුරාදා හදිසියේම නාය ගියා.

අලුයම 3 ට පමණ සිදු වූ මෙම නායයෑමෙන් නිවාස රැසකට හානි සිදුවී ඇති අතර නිවසේ නිදා සිටි බොහෝ පිරිසක් පස් කන්දට යටවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන් අනතුරුව එරට සහන කණ්ඩායම් පැමිණ මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණා.

මේ හේතුවෙන් නිවාස 1200කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර පුද්ගලයින් 650කට අධික පිරිසක් පස්වලට යටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එරට ජාතික ආපදා මධ්‍යස්ථානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී ඇත්තේ මෙම බිහිසුණු නායයෑමෙන් පුද්ගලයන් 2,000 කට වැඩි පිරිසක් පණපිටින් වැළලී ගොස් ඇති බවයි.

ඒ අනුව පැපුවා නිව්ගිනියාවට අවශ්‍ය සහය ලබාදීමට සූදානම් බව ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය නිවේදනය කර තිබෙනවා.