28.4 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෑන්ඩ් ෆ්‍රී එකක් නිසා තරුණයෙක් දුම්රියට බිලිවෙයි

හෑන්ඩ් ෆ්‍රී එකක් නිසා තරුණයෙක් දුම්රියට බිලිවෙයි

හෑන්ඩ් ෆ්‍රී ගසාගෙන දුම්රිය මාර්ගයේ ගමන් කළ තරුණයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව දකුණු කළුතර පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මොහොමඩ් ඉමාත් නමැති තරුණයෙකි.

දුම්රිය නියාමකවරයාගේ ප්‍රකාශවලට අනුව මියගිය තරුණයා කටුකුරුන්ද සිට කළුතර බලා ගමන් කරමින් සිටියදී අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ දුම්රියක ගැටී තිබෙනවා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට නියමිතයි.