― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරේගු බඳවා ගැනීම්වල අක්‍රමිකතා නෑ - රංජිත්

රේගු බඳවා ගැනීම්වල අක්‍රමිකතා නෑ – රංජිත්

පසුගියදා පැවති රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ විභාගයේ ප්‍රතිඵල අනුව සිදුකරන බඳවා ගැනීම්වලදී විවිධ අක්‍රමිකතා සිදුවන බවට ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රේගු විභාගයේ බඳවා ගැනීම් සිදුකරනු ලබන්නේ නියමිත ක්‍රමවේදයට අනුව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

රේගුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් දැනට පුරප්පාඩුව පවතින සහකාර රේගු අධිකාරී සහ රේගු පරීක්ෂක යන තනතුරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ දින වල සිදුවෙමින් පවතින බවත්, එම බඳවා ගැනීමේ කටයුතුවලට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොවන බවත් යම් අයෙකු එසේ බලපෑම් කර රේගුවට පැමිණිමට උත්සාහ කරන්නේ නම් එය සිදු නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඒ් අනුව ඉහත තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ විභාගය සමත්, ඉහළම ලකුණු ලබාගත් අයගේ නාම ලේඛනය, ලකුණු අනුපිළිවෙල අනුව නොව අකාරාදී පිළිවෙල අනුව රේගුව වෙත පළමුව යොමු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

ඒ් අනුව පැවත්වෙන සම්මුඛ පරීක්ෂණ වලදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේදීම උස සහ පපුව මැන බැලීම සිදු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පසුව සහතික පරීක්ෂා කර බැලීම සිදුවන බවත් චක්‍රලේඛයේ පැහැදිලව සඳහන් කර ඇති ආකාරයට ක්‍රීඩා කෞෂල්‍ය සඳහාද එහිදී ලකුණු හිමි වන බවත් අමාත්‍යවරයා පැවසුවා.

ඒ් අනුව මෙරටට වැඩිම ආදායම් සොයන ආයතනයට ඇතුළත් වීමට රටේ උගත් තරුණ දූ පුතුන්ට අවස්ථාව සලසා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ විනිවිදභාවයෙන් යුත් ආදර්ශමත් බඳවා ගැනීමක් සිදුකරන බැවින් මීට අදාල ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට පිටින් කිසිවක් සිදු නොවන බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි.