― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබීමතින් රෝහලට පැමිණි අයෙක් නිලධාරියෙක්ට තඩි බාලා

බීමතින් රෝහලට පැමිණි අයෙක් නිලධාරියෙක්ට තඩි බාලා

යාපනය ශික්ෂණ රෝහලට යතුරුපැදියකින් ඇතුළු වූ පුද්ගලයෙක් රෝහල් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධියක් ඊයේ (27) වාර්තා වුණා.

මෙම ප්‍රහාරයෙන් රෝහල් නිලධාරියෙකු බරපතල තුවාල ලබා ඇති අතර ප්‍රහාරය සිදු කළ තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ දී ඊයේ රාත්‍රී 10 ට පමණ මෙම සිද්ධිය වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

බීමතින් සිටි පුද්ගලයෙක් යතුරුපැදියක් ආධාරයෙන් අනතුරට පත් අයෙක් රෝහලට රැගෙන ආ අවස්ථාවේදීයි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

බීමතින් යතුපැදිය රෝහලට තුළටම ගෙන ආවේ ඇයිදැයි ඇසූ රෝහල් නිලධාරියාට මෙම පුද්ගලයා විසින් මුද්‍රණ යන්ත්‍රය ඔසවා පහර දී තිබෙනවා.

ඉන් අනතුරුව එහි රැස්ව සිටි රෝහල් කාර්ය මණ්ඩලය එම පුද්ගලයා අල්ලා යාපනය පොලිසියට භාර දී තිබෙනවා.

තුවාල ලැබූ රෝහල් නිලධාරියා සහ කඩු පහරින් තුවාල ලැබූ පුද්ගලයා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණා.