― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅයහපත් කාලගුණයෙන් 34,263 ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් 34,263 ක් පීඩාවට

පසුගිය දින කිහිපයේ දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක පවුල් 9,152ක පුද්ගලයින් 34,263 දෙනෙකු තවදුරටත් බලපෑමට ලක්ව සිටිනවා.

අර්ධ නිවාස හානි 4,715ක් වාර්තා වී ඇති අතර නිවාස 27කට පූර්ණ හානි සිදුව තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 08ක් වාර්තා වූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 21ක්.

මේ අතර, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම අද පස්වරු 04 දක්වා බලපැවැත්වෙනවා.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කරන අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා.

එසේම, දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසයි ඔවුන් නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ.