― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentබස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

බස් රථයක් පෙරළී 27 දෙනෙක් රෝහලේ

රත්නපුර – බලංගොඩ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ පෞද්ගලික බස් රථය ඇඹිලිපිටිය සිට කොළඹ දක්වා ධාවනය කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථය බස් රථයේ ගැටීම වැළැක්වීමට බස් රියදුරු උත්සාහ ගත් අවස්ථාවේදී මාර්ගයෙන් ඉවතට පෙරළී ඇති බවයි.

අනතුරෙන් 27 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.