― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsපාකිස්ථානයේ බස් රථ අනතුරක් - 28ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ බස් රථ අනතුරක් – 28ක් ජීවිතක්ෂයට

පාකිස්ථානයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මියගිය අය අතර කාන්තාවන් සහ ළමුන් ද වන අතර තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Balochistan පළාතේ Darbat නගරයේ සිට Quetta නගරය දක්වා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් ඊයේ (29) රියදුරුට පාලනය කරගත නොහැකිව අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථය ජනාකීර්ණ කඳු සහිත මාර්ගයක ගමන් කරමින් සිටියදී එහි ඉදිරිපස ටයරය හදිසියේම පිපිරී යාමෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ග බාධකයක වැදී අඩි 50ක් පමණ පහළට වැටී ඇත.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අනතුරින් විපතට පත්වූවන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා.