22 C
Colombo
Sunday, February 16, 2025

― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsමෛත්‍රීට තවත් චෝදනාවක්

මෛත්‍රීට තවත් චෝදනාවක්

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් ලබන ජූලි මස 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කිරීඉමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (30) නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට වෙත මෙම නියෝගය නිකුත් කළා.

පෙත්සම අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් ගොනු කළ නඩුවක් විභාග කළ කොළඹ දිසා අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් ඉකුත් අප්‍රේල් මස 24 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එම අතුරු තහනම් නියෝගය දිසා අධිකරණය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් පෙත්සම්කරු සඳහන් කළා.

එසේ තිබියදී වග උත්තරකාර මෛත්‍රීපාල සිරිසේන අදාල අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් එම පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කර ඇති බවත් පෙත්සම්කරු චෝදනා කළා.