― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsආර්ථික පරිවර්තන පනතට විරුද්ධ වුණොත් රට අගාධයට යනවා

ආර්ථික පරිවර්තන පනතට විරුද්ධ වුණොත් රට අගාධයට යනවා

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණක් බවයි ඔහු එහිදී කියා සිටියේ.

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මඟින් අප බලාපොරොත්තු වන්නේ ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සහ සෑම පුරවැසියෙකුටම සමාන අවස්ථාවන් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමයි. එමෙන්ම වඩා හොඳ යටිතල පහසුකම් සහිත රටක් නිර්මාණය කිරීම ද මෙමඟින් අපේක්ෂා කරනවා. ඒ වගේම ආර්ථික වර්ධනයට සමගාමීව රැකියා අවස්ථාවන් නිර්මාණය කිරීමට සහ නවෝත්පාදනයන් සහිත අපනයනය පුළුල් වූ තරඟකාරී ‍වෙළෙඳපොළක් ඇති කිරීමට ද බලාපොරොත්තු වනවා. නමුත් මෙම පනත පිළිබඳව අනවබෝධයෙන් සිටින පිරිස් විවිධ ප්‍රකාශ සිදුකරමින් සිටිනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ ද අවශ්‍යතාවය ඇති පාර්ශ්වයන්ට පමණයි. මෙම පනතේ අඩංගු ඉලක්කයන් සපුරාගත නොහැකි බවට ද ඔවුන් චෝදනා කරනවා. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුබවාදී අරමුණක් වත්මන් රජයට පැවතිය ද අනෙකුත් විපක්ෂයේ කණ්ඩායම්වලට තිබෙන්නේ දේශපාලන අරමුණක් පමණයි.

එමෙන්ම අප රටේ ඉලක්කගත නීති රාමුවක් ක්‍රියාත්මක නොවීම ආර්ථික පරිහානියට හේතු වූ බව සියල්ලන්ම දන්නා කරුණක්. අප එයින් පාඩමක් උගත යුතුයි. ඒ වගේම 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 128% ක්වූ මෙරට ණයබර 2032 වසර වන විට 95% දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ සඳහා අප ක්‍රියාත්මක විය යුතුයි. තවද රජයේ දළ මුදල් සැපයීම 2022 වසරේ පැවතියේ 34.6% ක ප්‍රමාණයක් ලෙසයි. එය 2032 වසර වන විට 13% ක ප්‍රමාණයක් දක්වා අඩුකර ගත යුතුයි. රජයේ විදේශීය ණය සේවාකරණය 2022 වසරේ 9.6% ක් වුණා. එය 2027 වසර වන විට 4.5% දක්වා අඩු කර ගත යුතුයි. මෙම ඉලක්ක ඉදිරියේ දී මෙරට නීති රාමුව බවට පත් කිරීමට අප කටයුතු කරනවා. එමඟින් රටේ තිරසර ආර්ථිකයක් ඇති වෙනවා. ඒ වගේම 2022 වසරේ රටේ ආර්ථිකය සෘණ 7.8%ක්ව පැවතුණා. නමුත් මෙම පනත් කෙටුම්පත හරහා 2027 වසරින් පසුව 5% ඉක්මවූ ආර්ථික වර්ධන වේගයක් වෙත ගමන් කිරීම සිදුවනවා. රැකියා විරහිතභාවය ද 2022 වසරේ 4.7% ක්ව පැවතුණා. එය 2025 වසර වන විට 5% ට නොඅඩු ප්‍රමාණයක පවත්වාගෙන යාම සිදු කෙරෙනවා.

තව ද 2022 වසර වන විට කාන්තාවන් ශ්‍රම බලකායට එකතු වීම තිබුණේ 32.1% ක් ලෙසයි. එය 2030 වසර වන විට 40% කට නොඅඩු ප්‍රමාණයකට වර්ධනය කර ගැනීමත්, 2040 වසර වන විට 50%ක් දක්වා වර්ධනය කර ගැනීමත් අපගේ ඉලක්කයයි. එමෙන්ම ජංගම ගිණුමේ ශේෂය 2022 වසර වන විට සෘණ 1.9%ක්ව පැවතුණා. එය 2025 වසර වන විට 1%ක ප්‍රමාණයක පවත්වා ගෙන යා හැකියි. 2022 වසර වන විට 21% ක්ව පැවති භාණ්ඩ හා සේවා අපනයනය 2025 වසර වන විට 40%ක් දක්වා සහ 2040 වසර වන විට 60% දක්වා වර්ධනය කරගැනීමත් ආර්ථික පරිවර්තන පනත හරහා සිදු වනවා. 2022 වසර වන විට 1.6% ක්ව පැවති සෘජු විදේශ ආයෝජන 2030 වසර වන විට අවම වශයෙන් 5% ක මට්ටමක පවත්වාගෙන යාමට බලාපොරොත්තු වනවා. එම සෘජු ආයෝජන ප්‍රමාණය රටේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් 2030 වසර වන විට 40% ක ප්‍රමාණය දක්වා පරිවර්තනය කරගැනීම ද අපගේ ඉලක්කය වෙනවා.

ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහන තුළ ප්‍රධානතම සාධකය බවට පත්වන්නේ, අප රටේ ප්‍රාථමික ශේෂයයි. 2022 වසර වන විට සෘණ 3.7% ක්ව පැවති ප්‍රාථමික ශේෂය 2025 වසර වන විට ධන 2.3% දක්වා බවට පර්වර්තනය කර ගැනීම සහ 2032 වසරින් ඔබ්බට 2% ක මට්ටමක පවත්වාගෙන යාමට ද අප බලාපොරොත්තු වනවා. තව ද රාජ්‍ය ආදායම 2022 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3%ක් ලෙස පැවතුණා. එය 2025 වසර වන විට 15% ට වැඩි ප්‍රමාණයකින් පවත්වා ගෙන යාම අපගේ ඉලක්කයයි. එමඟින් අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව ජනතාවට සැපයීමට හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුයි.

ඒ වගේම රටේ ඇති වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සමඟ දිළිඳු සහ අවදානම් සහගත ජනතාවට සිදුවන බලපෑම වැඩි වී තිබෙනවා. මෙම බහුමාන දරිද්‍රතාවය 2027 වසර වන විට 15%කට අඩු මට්ටමකට රැගෙන ඒමට සහ 2035 වසර වන විට 10% දක්වා රැගෙන ඒමත් අපගේ ඉලක්කයයි. මෙම ආර්ථික පරිවර්තන පනත ප්‍රකාරව ඇති නීතියට අනුකූලව ඉලක්කගත වැඩපිළිවෙළ වෙත අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීම වෙනවා. අප එය නොපිරිහෙළා ඉටු කරන බව ද පැවසිය යුතුයි.”