27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙයා ඩ්‍රයරයෙන් ආ මාරයා සිසුවෙක් බිලිගනී

හෙයා ඩ්‍රයරයෙන් ආ මාරයා සිසුවෙක් බිලිගනී

විදුලි සැර වැදී පුත්තලම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පුත්තලම පස්වන හරස් වීදියේ පදිංචිව සිටි 17 හැවිරිදි දුආන් සලීම් මුහම්මද් සහරාන් නමැති දරුවෙකුයි.

පසුගියදා දිය නෑමට ගොස් හිසකෙස් වියළන යන්ත්‍රයකින් (Hair Dryer) හිස කෙස් වියළන අවස්ථාවේදීයි මොහුට විදුලි සැර වැදී ඇත්තේ.

විදුලි සැර වැදුණු සිසුවා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බැවින් ඔහුදැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (30) ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන්ද අනාවරණය වී ඇත්තේ මරණය විදුලි සැර වැදීමක් නිසා සිදුවූවක් බවයි.