― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් රැසක් පීඩාවට

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග සිදුවු ආපදා හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නායයාම් අධි අවධානම් කලාප වෙත නිකුත් කළ රතු නිවේදන තවදුරටත් බලාත්මක කර තිබෙනවා.

මේ අතර කළු, නිල්වලා, ගිං සහ කැලණි ගංගාවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් එම ගංගා ද්‍රෝණි ආශ්‍රිත ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව පෙන්වා දෙනවා.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 20ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 177ක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා.

පවුල් 9,764කට අයත් පුද්ගලයින් 36,504 දෙනෙකු මේ වන විට බලපෑමට ලක්ව ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක පුද්ගලයින් 5,174 දෙනෙකු රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් ක‍ළේ.

අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, දෙවිනුවර හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම් වල තවදුරටත් ජල ගැලීම් තත්ත්වයන් වාර්තා වනවා.

පවතින තත්වය හමුවේ නායයාම් අධිඅවධානම් කලාප වෙත නිකුත් කළ රතු නිවේදන තවදුරටත් බලාත්මක කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙප‍ාර්තමේන්තුව පවසන්නේ පවතින වැසි තත්තය අද දිනයේද බලාපොරොත්තු වන බවයි.