― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකෝච්චි පාරේ බස් පැද්ද රියදුරාට වැඩ වරදී

කෝච්චි පාරේ බස් පැද්ද රියදුරාට වැඩ වරදී

දුම්රිය මාර්ගයේ බස් රථයක් ධාවනය කළ බස් රථ රියදුරෙක් ඇඹිලිපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම රියදුරු ඊයේ (02) අවිස්සාවේල්ල, තුම්මෝදර ප්‍රදේශයේ දී මෙලෙස බස් රථය අනාරක්ෂිත ලෙස දුම්රිය මාර්ගයේ ධාවනය කර තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගත්තේ සූරියවැව – කොළඹ බස් මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක රියදුරෙක්.

අත්අඩංගුවට ගැනුණු රියදුරා ඇඹිලිපිටිය, මොරකැටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වන්නේ.

සිදුකළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ සැකකාර රියදුරුගේ රියදුරු බලපත්‍රය මීට පෙර අවස්ථාවක බීමත්ව රිය ධාවනය කිරීමේ වරදට අධිකරණය විසින් මාස 04ක කාලයක් සඳහා අත්හිටුවා තිබිය දී මෙලෙස බස් රථය ධාවනය කර ඇති බවයි.