― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමෙක්සිකෝවට පළමු වරට ජනාධිපතිනියක්

මෙක්සිකෝවට පළමු වරට ජනාධිපතිනියක්

මෙක්සිකෝවේ පළමු වරට කාන්තාවක් ජනාධිපති ධුරයට තේරී පත්ව තිබෙනවා.

දැනට සිදු කර ඇති ප්‍රතිඵල පුරෝකතනයන්ට අනුව පාලක පක්ෂයේ අපේක්ෂිකා කලව්ඩියා ශේයින්බම් (Claudia Sheinbaum) සියයට 56ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබෙනවා.

දැනට ගණන් කර ඇති සියයට 5ක ඡන්ද ප්‍රමාණයෙන් ගල්වෙස් අභිබවා කලව්ඩියා ශේයින්බම් ඉදිරියෙන් සිටිනවා.

කෙසේවෙතත් ඡන්ද ප්‍රතිඵල ගල්වෙස් (Galvez) විසින් පිළිගෙන නොමැති අතර නිල ප්‍රතිඵල ලැබෙන තෙක් ඉවසිලිවන්තව සිටින ලෙස ඇයගේ ආධාරකරුවන්ට පවසා තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ කාන්තාවන් සඳහා වඩාත් සාම්ප්‍රදායික සීමා කිරීම් සහ මැචෝ සංස්කෘතිය සඳහා ප්‍රසිද්ධ රටක් වන මෙක්සිකෝවේ Cලෞඩිඅ ෂේන්බෞම් ලබාගත් මෙම ජයග්‍රහණය විශේෂත්වයක්.

කලව්ඩියා ශේයින්බම් 56%ක ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.