― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsසමන් කොල්ලාගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

සමන් කොල්ලාගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

අම්බලන්ගොඩ ප්‍රදේශයේ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (02) අම්බලන්ගොඩ පොලිස් වසමේ අම්බලන්ගොඩ – ගාල්ල මාර්ගයේ වේනමුල්ල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සමන් කොල්ලා නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක් වන පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 140 ක් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන සඳහා ඔහු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.