― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබස් රථයක් විදුලි කණුවක ගැටෙයි - විදුලියත් ඇණහිටී

බස් රථයක් විදුලි කණුවක ගැටෙයි – විදුලියත් ඇණහිටී

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ බලංගොඩ, හල්පේ ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් 33000 අධි බලැති විදුලි කණුවක ගැටීමෙන් එම කණුව කැඩී මාර්ගයට වැටී තිබෙනවා.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

බලංගොඩ සිට දියතලාව ප්‍රදේශයට විදුලිය රැගෙන යනු ලබන 33,000 අධි බලැති විදුලි කණුව කැඩී මාර්ගයට වැටී තිබූ අතර මේ හේතුවෙන් අද (04) පෙරවරුවේ එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබුණා.

සමනලවැව පොලිසිය පැවසුවේ අනතුරින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවයි.

අනතුරට හේතුව බස් රථයේ එන්ජිමේ ඇති වූ දෝෂයක් බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සමනලවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.