― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsලාෆ්ස් ගෑස් මිලත් බස්සයි

ලාෆ්ස් ගෑස් මිලත් බස්සයි

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමට සාපේක්ෂව ලාෆ්ස් ගෑස් සමාගම ද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

අද (04) සිට මෙම මිල අඩුවීම ක්‍රියාත්මක වනු ඇති.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 3,680ක් ලෙසයි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,477ක් ලෙස දැක්වෙනවා.