26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළ මෙරටට

බටහිර ඉන්දීය කාන්තා ක්‍රිකට් පිළ මෙරටට

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සඳහා අද (04) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් 07 දෙනෙකු ඇතුළත්.

මෙම සංචාරයේදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 වැනිදා පැවැත්වෙන තරග තුනක් සඳහා සහභාගී වීමට නියමිතයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී මෙම තරග පැවැත්වෙනු ඇති.

මීට අමතරව එළඹෙන 24, 26 සහ 28 දිනවල හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතයි.

ඔවුන් අද උදෑසන 08.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.