26.7 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝට්ටුවෙන් මෙරටට හොරෙන් ආ 05ක් අත්අඩංගුවට

බෝට්ටුවෙන් මෙරටට හොරෙන් ආ 05ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවකින් තලෙයිමන්නාරම, ඌර්මානෙයි වෙත පැමිණි ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 5 දෙනෙකු ඊයේ (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 5 දෙනා නාවික හමුදාව විසින් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව තලෙයිමන්නාරම පොලිසිය වෙත භාරදී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම, තාල්වුපාඩු, තලෙයිමන්නාරම, වව්නියාව සහ කිලිනොච්චි ප්‍රදේශවල පදිංචි 37, 39, 24, 26 සහ 38 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි නාවික හමුදාව පැවසුවේ.

මෙම පුද්ගලයන් 5 දෙනා මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ගොස් ඉන්දියාවේ විවිධ ස්ථානවල පදිංචිව සිට ඇත.

කෙසේනමුත් මෙම පුද්ගලයින් තිදෙනා ඊයේ (03) පෙරවරුවේ තලෙයිමන්නාරම, ඌර්මානෙයි ප්‍රදේශයට නීති විරෝධී ලෙස බෝට්ටුවකින් පැමිණි අවස්ථාවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනාගෙන් මේ වන විට තලෙයිමන්නාරම පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන අතර පරීක්ෂණවලින් අනතුරුව එම පුද්ගලයන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.