― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමහින්දානන්ද එක්ක පැටලුණු රාජපක්ෂට සැත්කමක්

මහින්දානන්ද එක්ක පැටලුණු රාජපක්ෂට සැත්කමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ ප්‍රහාරයකට ලක්ව පාදයකට බරපතල තුවාල ලැබූ බව කියන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පැය 04 ක ශල්‍යකර්මයක් සිදු කළ බව ඔහුගේ පුත් නිළුපුල් රාජපක්ෂ පවසනවා.

ඊයේ (03) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ පැවැති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී පිටතට එන අවස්ථාවේදී නැවතත් මන්ත්‍රීවරු දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබෙනවා.

ප්‍රහාරයට ලක් වූ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ වන විට ශල්‍යකර්මයකට ලක්ව කොළඹ පිහිටි යුධ හමුදා රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කෙසේනමුත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ තමා එම අවස්ථාවේදී ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ කමිස කොළරයෙන් අල්ලාගත් බවත් ඒ අසළ සිටි තවත් මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ගුණතිලක රාජපක්ෂ මහතා පසුපසට ගැනීමට උත්සහ කිරීමේදී ඔහු ඇද වැටී තුවාල ලැබූ බවයි.